හැකි තරම් Shear කර දැනුවත් කරන්න.
Lens views in sri lanka
දේශ ගවේශකයාගේ සටහනක්.....
සුදු වතින් සැරසී
කුමකටද මෙවුන් මේ සැර සෙන්නේ....
අද ගවේශකයාගේ කැමරා කාචය යෙමු වන්නේ මගලේගොඩ ප්‍රදේශයේ සිදුවෙමින් තිබෙන මහා
පුණ්‍ය කටයුත්තක් සදහාය. නිසල විල පදනම හා වහරක පන්සල සමග එක්ව මෙම පිරිස් සිදුකරනු
ලබන මේ පුණ්‍ය කටයුත්ත සදහා ඔබටද දායක විය හැකිය.
දවස් ගණනක් තිස්සේ දවසේ පැය 24 ම නිදි නොලබා මහන්සි වී මොවුන්ගේ මේ සූදානම මහා පුණ්‍ය කටයුත්තක් සදහාය. ඒ රුවන්වැලි මහා සෑ රදුන් සදහා පහන් ලක්ෂයේ නොඉදුල් මහා පහන් පූජාවට නොඉඳුල් තෙල් සකසා ගැනීමටය.
නොඉඳුල් තෙල් සකසා ගන්නේ කොහොමද?
මෙම පුණ්‍ය කටයුත්ත සදහා තෙල් සකස් කරනු ලබන්නේ නමට පමනක් නොඉඳුල් යන්න පෙන්වීමට නොවේ. ඇත්තෙන්ම මොවුන් මෙම තෙල් වල නොඉඳුල් භාවය රැක ගැනීමට බොහො කැපවීම් කරනා ආකාරය පෙනී යයි.
මෙම තෙල් සැකසීමට යොදා ගන්නා පොල්ගෙඩිය ගහෙන් බිමට නොදමා වලු ලෙස හො අතින් නෙලා ගන්නා අතර එම පොල් ගෙඩිය ලෙලි ගැසීම හෝ බිදීම සදහා යකඩ උල් පිහි කිසිසේත් යොදා ගන්නේ නැත.
ඒ වෙනුවට මෙවුන් විසින්යොදා ගනු ලබන්නේ කිතුල් ලීයෙන් සකසා ගන්නා ලද උලකින් අතර කිතුල් පොල්ලක් ආධාරයෙන් බිද ගැනීම සිදු කරේ. ඉන් පසුව පොල් ගා ගැනීම සිදුකරන අතර එම පොල් දසවරක් පෙරා ගත් පැන් භාවිතයෙන් මිරිකා එම ක්ෂීරයෙන් තෙල් සිද ගනු ලබයි. අවසානයේ ඉවත ලන පොල් කුඩු පොල් වතුර පොල් කටු කිසිවක් කුහුඹුවෙකුගෙන් වත් ඉඳුල් නොවන ලෙසට පුලුස්සා දමයි.
එමෙන්ම මෙම තෙල් සිදිනු ලබන්නේ දැල් වලින් ආවරණය වූ මණඩපයක් තුලදීය. ඒ කෘමී සතෙකුගෙන් පවා ආරක්ෂා වන පරිදිය.මෙම පුණ්‍ය කට යුත්ත සදහා සහභාගී වන පිරිස් සුදු වතින් සැරසී පැමිණෙන අතර මෙම මණ්ඩප තුලට ඇතුලු වීමට මත්තෙන් මෙවුන් මුඛ ආවර්ණ හිස කෙස් ආවර්ණ පැලද කහ දියෙන් අත පය සොදා පිරිසිදු වී උසුළු විසුලුවෙන් තොරව
" ලක්ෂ ගණනින් අරිහතුත් වහන්සේලා මේ මිහිමත පහල වේවා " යන මහා අදිෂඨානය සිතැතිව හෝ සජ්ජායනය කරමින් ඉමහත් භක්තියෙන් යුතුව මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වේ.
මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සදහා සැදැහැති ඔබගේ ශ්‍රම දායකත්වය වුවද මෙවුන් සදහා මේ අවස්ථාවේදී මහත් උපකාරයක් වන බව ගවේශකයාට හැගිනි.
මෙම කටයුත්ත සදහා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පිරිස් සහභාගී වේ.ඩිලාන් මහතා - 071 7977936 සංජය මහතා - 071 4426683
"ලක්ෂ ගණනින් අරිහතුත් වහන්සේලා මේ මිහිමත පහල වේවා"
දේශ ගවේශකයාගේ සටහනක්.....














No comments:
Post a Comment