Wednesday, July 26, 2017

පහන් පූජා


හැකි තරම් Shear කර  දැනුවත් කරන්න.

Lens views in sri lanka

 දේශ ගවේශකයාගේ සටහනක්.....


සුදු වතින් සැරසී
කුමකටද මෙවුන් මේ සැර සෙන්නේ....

අද ගවේශකයාගේ කැමරා කාචය යෙමු වන්නේ මගලේගොඩ ප්‍රදේශයේ  සිදුවෙමින් තිබෙන මහා 
පුණ්‍ය කටයුත්තක් සදහාය. නිසල විල පදනම හා වහරක පන්සල සමග එක්ව මෙම පිරිස් සිදුකරනු
ලබන මේ පුණ්‍ය කටයුත්ත සදහා ඔබටද දායක විය හැකිය.

        දවස් ගණනක් තිස්සේ දවසේ පැය 24 ම නිදි නොලබා මහන්සි වී මොවුන්ගේ මේ සූදානම මහා  පුණ්‍ය කටයුත්තක්  සදහාය.  ඒ  රුවන්වැලි මහා සෑ  රදුන්  සදහා  පහන්  ලක්ෂයේ නොඉදුල් මහා  පහන්   පූජාවට නොඉඳුල් තෙල් සකසා ගැනීමටය.

නොඉඳුල් තෙල් සකසා ගන්නේ කොහොමද?

මෙම පුණ්‍ය කටයුත්ත සදහා තෙල් සකස් කරනු ලබන්නේ නමට පමනක් නොඉඳුල් යන්න  පෙන්වීමට  නොවේ. ඇත්තෙන්ම මොවුන් මෙම තෙල් වල  නොඉඳුල්  භාවය රැක  ගැනීමට  බොහො  කැපවීම්   කරනා ආකාරය පෙනී යයි.

මෙම තෙල් සැකසීමට යොදා ගන්නා පොල්ගෙඩිය  ගහෙන් බිමට  නොදමා  වලු  ලෙස  හො  අතින්   නෙලා ගන්නා අතර එම පොල් ගෙඩිය ලෙලි ගැසීම හෝ බිදීම සදහා යකඩ උල් පිහි කිසිසේත් යොදා ගන්නේ නැත.
ඒ වෙනුවට මෙවුන්  විසින්යොදා  ගනු ලබන්නේ  කිතුල්  ලීයෙන්  සකසා  ගන්නා ලද උලකින්  අතර  කිතුල් පොල්ලක් ආධාරයෙන් බිද ගැනීම සිදු කරේ. ඉන් පසුව පොල් ගා ගැනීම සිදුකරන අතර  එම  පොල් දසවරක් පෙරා ගත් පැන් භාවිතයෙන් මිරිකා එම ක්ෂීරයෙන් තෙල් සිද ගනු ලබයි. අවසානයේ  ඉවත  ලන  පොල් කුඩු පොල් වතුර පොල් කටු කිසිවක් කුහුඹුවෙකුගෙන් වත් ඉඳුල් නොවන ලෙසට පුලුස්සා දමයි.

එමෙන්ම මෙම තෙල් සිදිනු ලබන්නේ දැල් වලින් ආවරණය වූ මණඩපයක් තුලදීය. ඒ කෘමී සතෙකුගෙන් පවා ආරක්ෂා වන පරිදිය.මෙම පුණ්‍ය කට යුත්ත සදහා  සහභාගී වන  පිරිස් සුදු වතින්  සැරසී පැමිණෙන අතර මෙම මණ්ඩප තුලට ඇතුලු වීමට මත්තෙන් මෙවුන් මුඛ ආවර්ණ  හිස කෙස්  ආවර්ණ පැලද කහ දියෙන් අත පය සොදා පිරිසිදු වී උසුළු විසුලුවෙන් තොරව
" ලක්ෂ  ගණනින්  අරිහතුත්  වහන්සේලා  මේ  මිහිමත  පහල  වේවා "  යන  මහා  අදිෂඨානය  සිතැතිව  හෝ සජ්ජායනය කරමින් ඉමහත් භක්තියෙන් යුතුව මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වේ.

මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සදහා සැදැහැති ඔබගේ ශ්‍රම දායකත්වය වුවද මෙවුන් සදහා මේ අවස්ථාවේදී මහත් උපකාරයක් වන බව ගවේශකයාට හැගිනි. 

මෙම කටයුත්ත සදහා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පිරිස් සහභාගී වේ.

ඩිලාන් මහතා    -     071 7977936           සංජය මහතා   -  071 4426683

   
 "ලක්ෂ ගණනින් අරිහතුත් වහන්සේලා මේ මිහිමත පහල වේවා"

දේශ ගවේශකයාගේ සටහනක්.....

 


















Sunday, July 23, 2017

සුන්දර ලූල්කඳුර . (කොන්ඩගල)

Lens views in sri lanka.

දේශ ගවේශකයාගේ සටහන්...

සුන්දර ලූල්කඳුර .

ලූල්කඳුර කියන්නේ ඇත්තෙන්ම ඉතා චමත්කාර පරිසර පද්දතියකින් යුත් ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ඇත්තේ තේ වතු අතර කොන්ඩගල නම් මනරම් ගිරි ශිකරයද මෙහි පිහිටා ඇත. ගවේශකයා මෙම කොන්ඩගල ගිරි ශිකරයක් ලෙස හැදින්වුයේ මෙම ගල උලක් ලෙසට හෙල දෙසට නෙරා ආ ස්භාවික පිහිටිම නිසාය.
මෙම කොන්ඩගල නම් ස්ථානයට යාමට ඇති පාර වැටී ඇත්තේ ලූල්කදුර නම් සුන්දර තේ වතුයාය මැදින්ය.ඒ මැදින් යන ඔයාලට තේ කර්මාන්තයෙන් ජීවිතේ ගැට ගහ ගන්නා දුප්පත් ජනතාව බලා ගන්න පුලුවන්.
මෙහෙට යන ඔයාලට බලන්න පුලුවන් දේවල්..

1) ටේලර් ගේ නිවසේ නටඹුන්.
2) ටේලර් භාවිතා කල ලිඳ .
3) පළවෙනි තේ ගස.
4) ටේලර් භාවිතා කල ගල් ආසනය.
5) සිහිවටන.
6) කොන්ඩගල.
වගේ ගොඩක් දේවල් බලන්න පුලුවන්....

කවුද මේ ජේමිස් ටේලර්.
මේ ගැන කතා කරන්න නම් අපිට ලූල්කඳුරේ ඉතිහාසය හොයාගන්න වෙනවා එවකට ශ්‍රී ලංකාවේ පැවති ප‍්‍රධාන වැවිලි බෝගය වු කෝපි වගාවට කෝපි මලකඩ රෝගයෙන් විනාශ විමත් සමග අතහදා බැලීම සදහා මෙම ලූල්කඳුර ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ මුලින්ම වාණිජ වශයෙන් තේ වගාව ආරම්භ කරන ලදී.(වර්ෂ 1967)
එහි පුරෝගාමියා උනේ ජේමිස් ටේලර්ය.
ඔහු පාවිච්චි කරපු ළිද, බංගලාවේ නටබුන් , එයාගේ ආසනය තවමත් එහි දක්නට ඇත.
පේරාදෙනිය පැත්තෙන් යනවනම්
පේරාදෙයෙන් ගලහ පාරේ ගලහ හන්දියෙන් දෙල්තොට පැත්තට යනකොට
ලුල්කදුර හරියෙදි දිය ඇල්ලක්. දේවාලයක් හම්බෙනවා ඊට කලින් තමයි මේ වත්තට
හැරෙන්න තියෙන්නේ.
රිකිල්ලගස්කඩ පැත්තෙනුත් එන්න පුලුවන්..
දේශ ගවේශකයාගේන් සටහනක්.✍️✍️✍️✍️
මෙම ප්‍රදේශයේ සංචාරය කරන ඔබ කොන්ඩගල තරනය කරන්නේ නම්
ගල උඩදී සැකිලිමත් වන්න. වැටුනොත් සොරි තමයි.
එමෙන්ම මෙම සුන්දර පරිසරයට කිසිදු ආකාරයකින් හානියක් නොකරන ලෙස ගවේශකයා ඔබගෙන් ඉල්ලා සිටි.
පරිසරයට ආදරය කරන්නා පරිසරය විසින් රැකගනී.
වැරදි ඇත්නම් කියා දෙන්න මං ආසයි හදා ගන්න.
දේශ ගවේශකයා............................................


කොන්ඩගල